හංවැල්ල ,තුම්මෝදර ප්‍රදේශයේ පිහිටා ඇති කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලි අතුරුදන් වූ තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයාගෙන ඇත.
අතුරුදන්වූවන් සොයා පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමෙන් මෙම තරුණියගේ සිරුර හමුව ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
යාපනයේ පදිංචි තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අතුරුදන්ව ඇති අනෙක් තරුණියන් දෙදෙනා අවුරුදු 14 සහ 29 වියෙහි පසුවන්නන් වන අතර ඔවුන් හැඳල සහ යාපනය ප්‍රදේශයේ පදිංචි කාරිණියන් වේ.
මේ වන විටත් ඔවුන් සොයා විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.
තරුණයන් තිදෙනෙක් සහ තරුණියන් 05 දෙනෙකු ඊයේ (30) පසුවරුවේ කුමාරි ඇල්ලේ දිය නාමින් සිටිය දී ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ජල පහර එක්වරම වැඩිවී ඇත.
එහි දී මෙම තරුණියන් තිදෙනා ජල පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.