පෙබරවාරි මස පළමු දින සිට කුලී ත්‍රීරෝද රථ සඳහා මනු සවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.එන්.අකුරන්තිලක මහතා සඳහන් කළේ කුලී රථ මනු ආනයනය කිඑරීම, නිෂ්පාදනය කිරීම හෝ විකිණීමට පෙර වෙළඳ කටයුතු සඳහා භාවිතයට සුදුසු බව පරීක්ෂා කරන ලද බව මාදිලි අනුමැතිය දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු බවයි.
කුලී රථවල මනු විකිණීමටත් සවිකිරීමටත් මාදිලි අනුමැතිය ලබාගත් වෙළඳ ආයතන සඳහා පමණක් අවසර ලැබෙන අතර එසේ නොවන ආයතන වෙතින් කුලී රථ මනු ලබා නොගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කුලී රථ මනු පරීක්ෂා කිරීම සඳහා ජංගම කුලී රථ මනු සේවා මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගන්නා බවත්, අනුමත කුලී රථ මනු සඳහා හඳුනාගැනීමේ ස්ටිකරයක් ඇලවීමටත් පියවර ගන්නා බවත් මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජංගම සේවා මධ්‍යස්ථාන පිහිටුවා ඇති ස්ථාන සහ එම සේවය ක්‍රියාත්මක වන දින පහතින් සඳහන් කර ඇත.
එමෙන්ම අදාළ දිනයන්හි සහභාගී විය නොහැකි කුලී රථ රියදුරන් හට මාර්තු මස මුල සිට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සඳුදා දින පැවැත්වෙන මහජන දිනයන්හිදී මෙම සේවාව අඛණ්ඩව ලබාගත හැක.
මේ වන විට අනුමත කුලී රථ මනු මාදිලිය පහතින්,
