කුසධම්ම මහනාහියන්ගේ අදාහන පූජෝත්සවය අද

වසර 84ක කාලයක් ආයු වළදා, අපවත් වී වදාළ අතිපූජ්‍ය අචාර්ය වැලමිටියාවේ කුසලධම්ම මහනාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (31) දිනට නියමිතව ඇත.

මේ වන විට පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ තැන්පත් කර ඇති උන්වහන්ස්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරු 12.30ට පමණ කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පූර්ණ රාජ්‍ය ගෞරවය ඇතිව සිදු කිරීමට නියමිතව ඇත.

පස්වරු 12.30ට ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර පිරිවෙණෙන් පිටත්වන අතර එසේ පිටත්වන දේහය රැගත් රිය පෙරහැර නුවර පාර, කැළණි පාලම ,බේස්ලයින් පාර ,බණ්ඩාරනායක මංසන්ධිය, ඔරුගොඩවත්ත මංසන්ධිය ,ඉංග්‍රම් මංසන්ධිය, දෙමටගොඩ මංසන්ධිය, බන්ඩාරනායක මංසන්ධිය, බොරැල්ල මංසන්ධිය, ඩී.එස්.සේනානායක මංසන්ධිය,  හෝර්ටන් විජේරාම මංසන්ධිය, හෝර්ටන් වටරවුම, නන්දා මෝටර්ස් මංසන්ධිය, නිදහස් වටරවුම සහ නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට පිවිසීමට නියමිතව ඇත.

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආදාහන පූජෝත්සව රථ පෙරහැර ගමන් කරන අවස්ථාවේ මාර්ග අවහිරතා පැවතිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

Exit mobile version