හෙට (05) දිනයේ කෙන්යා ගුවන් සමාගමේ නියමුවන් වැඩවර්ජනයක් ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇත.
මීට හේතු වී ඇත්තේ පාලනාධිකාරිය විසින් ගුවන් නියමුවන්ගේ විශ්‍රාම වැටුප් දායක මුදල් සහ හිඟ වැටුප් පියවීම සම්බන්ධයෙන් වන ගැටලුවලට නිසි ප්‍රතිචාර නොදැක්වීම බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් නියමුවන් 400කට අධික පිරිසක් නියෝජනය කරන මෙම කෙන්යා ගුවන් නියමුවන්ගේ සංගමය විසින් මෙම වැඩවර්ජනය ප්‍රකාශයයට පත්කර ඇති බවත් මෙනිසා හෙට දිනයේ එම කලාපයේ ගුවන් ගමන් රැසක් අවලංගු වනු ඇති බවත් ය.
එමෙන්ම මෙනිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4ක පාඩුවක් ද සිදුවන බවට මේ වන විට ඇස්තමේන්තු කර ඇත.
