කෙසෙල්වත්තෙන් අතුරුදන් වූ දැරියන් නිවසට

පසු ගිය දිනක කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් අතුරුදන් වූ බාලවයස්කාර දැරියන් තිදෙනා යළි නිවෙස් වෙත පැමිණි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

ඉකුත් 08 වනදා ඔවුන් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර ඒ පිළිබඳව කෙසෙල්වත්ත පොලිසිය විමර්ශන කටයුතු ද ආරම්භ කර තිබුණි.

මෙම දැරියන් වයස අවුරුදු 13 – 15 ත් අතර වන බවත් එකම පවුලේ සහෝදරියන් වන බවත් සඳහන් වේ.

Exit mobile version