ආහාරයට ගත් කෙසෙල් ගෙඩියක කුඩා කැබැල්ලක් පෙනහැල්ලේ සිරවීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
ඉකුත් 18 වනදා දහවල් ආහාරය ලබා දීමෙන් පසුව අතුරු පසක් සදහා කෙසෙල් ගෙඩියක් දෙන අවස්ථාවේදී එය ආහාරයට ගනිමින් සිටියදී එක්වරම එහි ආහාර කැබැල්ලක් උගුරේ සිර වීමත් සමග ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පන්නිපිටිය , හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි නාවික හමුදාවේ විශ්‍රාමික තාක්ෂණ නිළධාරියෙකි.
මොහු වසර කිහිපයක සිට රෝගීව සිට ඇති අතර ඔහුට ඇප උපස්ථාන සියල්ල සිදු කර ඇත්තේ බිරිඳයි.
