කේරළ ගංජා තොගයක් වටලයි.

ගල්කිස්ස පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කටුබැද්ද මාර්ග බාධකයේ දී සැක කටයුතු ලොරියක් නතර කර පරීක්ෂා කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ 71 ග්‍රෑම් 160ක් සහ එහි සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙක් වන අතර සැකකරුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන් .

Exit mobile version