කේරළ ගංජා තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට.

මන්නාරම ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී ය.

මෙසේ සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගන්නා ලද කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 20ක් බව වාර්තා වේ.

Exit mobile version