කේරළ ගංජා සමග දෙදෙනෙක් හොරණදී අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 1යි ග්‍රෑම් දෙසීයක් සමග ජාවාරම් කරුවන් දෙදෙනකු හොරණ කුබුක්වත්ත ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 42 හා 43 වයස්වල පසුවන ගෝනවල කුබුක්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මොවුන් මොරගහහේන පොලීසිය මගින් අද (17)  දින අත්අඩංගුවට ගෙන ඇත්තේ ලද තොරතුරකට අනුවය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරගහහේන පොලීසිය විසින් සිදුකරයි.

Exit mobile version