කේරළ ගංජ තොගයක් සමග 17 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට

ඊයේ (02) දිනයේ දී මන්නාරම පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ,මන්නාරම – මූර් වීදියේ දී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් වයස අවුරුදු 17ක් වන පාසල් සිසුවෙක් කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් සිසුවා සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 700ක් සොයාගෙන ඇති අතර එම තොගය පොලිස් භාරයට ගෙන ඇත.

ඒ අනුව සැකකාර පාසල් සිසුවා කුමන අවශ්‍යතාවයකට මෙම නිතිවිරෝධී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත්තේ ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මන්නාරම පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version