කොළඹ කොටස් වෙළඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (03) තවත් වාර්තාවක් තබා ඇත.
ඒ දෛනිකව වර්ධනය වූ වැඩිම ඒකක ගණන වාර්තා කරමින්ය.
සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 399.81කින් ඉහළ ගොස් තිබුණි.
ඒ අනුව දිනය නිමාවන විට එහි මුළු අගය සටහන්ව ඇත්තේ 12,625.82ක් ලෙසිනි.
