කොටස් වෙළඳපොළ වර්ධනය 2021 වසරේ 80%

පසුගිය 2021 වර්ෂයේ කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය 80%කින් වර්ධනය වී ඇති අතර මහජන කොටස් නිකුතු ද වාර්තා ගත ලෙස ඉහළ යාමක් දක්නට ඇත.

2021 වසර අවසානයේ සමස්ථ දර්ශකය නව වාර්තාවක් තබමින් 12,226ක් ලෙස දැක්වුණු අතර , 2020 වර්ෂයේ අවසාන සමස්ථ දර්ශකය අවසන් කෙරුණේ 6,774.02 ක් ලෙසයි.

මේ අනුව එහි වර්ධනය 80.5% ක් ලෙස දැක්විය හැක.

කොටස් වෙළඳපොළ 2021 වර්ෂයේ දින 249ක් ගණුදෙනු සිදුකර තිබූ අතර , එම කාලයේ දී විදේශ ආයෝජකයන් රු.බිලියන 51.8ක කොටස් ද අලෙවි කර තිබුණි.

ඊට පෙර වසරේ දී විදේශිකයන් අලෙවිකළ කොටස්වල වටිනාකම රු.බිලියන 22යිද ශම 08ක් විය.

කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සඳහන් කළේ ගතවූ වර්ෂයේ දී මහජන කොටස් නිකුතු මගින් රු.බිලියන 118ක ප්‍රාග්ධනය එක්රැස් කරගැනීමට සමාගම් සමත්ව ඇති බවයි.

Exit mobile version