කොමර්ෂල් ක්‍රෙඩිට් ලීසිං සමාගම නීතිය බල්ලට දායි.

ශ්‍රී ලංකාවේ ෆිනෑන්ස් සමාගම් පාරිභෝගික ජනතාව අපහසුතාවයන්ට ලක් වන අයුරින් සහ පීඩාවට පත් වන අයුරින් නීතිය අවභාවිතා කරන අවස්තා ඕනෑ තරම් වර්ථා වන අතර මේ සමාගම් වල තිබෙන අවිනීතික භාවය හේතුවෙන්ම මිනිසුන් මිය ගිය අතර තවත් මිනිසුන් නොමැරී ජීවත් වෙති. මූල්‍ය සමාගම් පමණක් සැපසේ ජීවත් වෙති.

මේ වන විට මෙසේ අසාධාරනකම් වලට ලක් වූ පුද්ගලයන් 128000 (එක්ලක්ෂ විසි අටදහසක් ) කට වඩා සිටින බව වාර්තා වේ. පවතින කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් මහා බැංකුව ලබන මාර්තු මස දක්වා පාරිභෝගිකයන් වෙනුවෙන් සහන ලබා දීමට කටයුතු කර තිබෙන බව වාර්තා වන අතර නඩු පැවරීම පවා සිදු නොකරන ලෙස නියෝග කර තිබේ. මුලින්ම මේ දෙසැම්බර් මස 31 වන දින දක්වා එම සහනය තිබු අතර පසුව මහා බැංකු අධිපතිතුමා විසින් එය ලබන මාර්තු දක්වා දීර්ග කල බව පැවසේ.

එසේ තිබියදීත් මහනුවර, යටිනුවරවීදිය අංක 106 හි පිහිටි කොමර්ෂල් ක්‍රෙඩිට් ලීසිං සමාගම තම සමාගමෙන් ලීසිං පහසුකම් ලබාගෙන ඇති ණයකරුවන්ට සහ ඔවුන්ගේ ඇප කරුවන්ටද නඩු පවරා තිබෙන බවට තොරතුරු අප සතුව තිබේ.

මෙසේ ඇප කරුවන්ට නඩු පැවරීමට සහ ඔවුන් අසාදු ලේඛන ගත කිරීමට හැකි නීතියක් ශ්‍රී ලංකාව තුල නැති වුවත් පාරිභෝගික ජනතාව නීතිය නොදැනීම සහ බොහෝ දෙනෙකු ලග තිබෙන බයාදු ගතිය හේතුවෙන් මෙසේ නීතිය අවිනීතිය කර ප්‍රයෝජන ගන්නා තත්වයක් ශ්‍රී ලංකාව තුල උද්ගතව තිබේ.

මේ අකාරයෙන් ඇපකරුවන්ටද නඩු පවරා තිබෙන අවස්ථාවකදී , ඇප කරුවන්ටද වන්දි ඉල්ලා සිටිය හැකි අතර නඩුව නඩුවක් ලෙස ගෙන ගොස් අදාළ සමාගම් වලින් තමන්ට සිදු උණු අපහසුතාවයන් සහ වැරදි නඩු නිමිති ඇතුලත් කර තිබීම හේතුවෙන් සහ ලක්ව තිබෙන නින්දාවන් අපහාසයන් සහ මානසික පීඩනයන් හේතුවෙන් අලාභ   මුදලක් අය කර ගත හැකි ලෙස නඩු කීමට ඇප කරුවන් කටයුතු කල යුතුය. ශ්‍රී ලංකාවේ පවතින නීතිය එය බවද ඇප කරුවන් මෙන්ම ණය කරුවන්ද දැනගත්තේ නම් මෙවැනි සමාගම් නීතිවිරෝදී ලෙස කටයුතු නොකරනු ඇත.

මූල්‍ය සමාගම් මෙලෙස කටයුතු කිරීම නිසා පැවතී රජයන්ද අපකීර්තියට පත් වූ අතර පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් වර්තමාන රජයටද දැඩි අපකීර්තියක් සිදු වෙමින් පවතී. නමුත් සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ඉහලට යාමක් සිදු නොවන බව පෙනී යන අතර එබැවින් රජයන් මෙසේ අපකීර්තියට ලක් වීම සිදු වේ.

Exit mobile version