කොරියන් භාෂාව නැතිව කොරියාවට යන්න පුළුවන්. වැටුප ලක්ෂ 8.5 සිට. නවතම හෙළිදරව්වක්.

පසු ගිය දා රජයේ පුවත් දෙපාර්තමේන්තුවේදී පැවති කැබනට් තීරණ දැනුමේ රැස්වීමේදී කොරියන් භාෂාව නොමැතිව කොරියානු රාජ්‍යයේ රැකියාවන්වලට යාමට හැකි බවත් අවුරුදු 45 දක්වා පුද්ගලයන්ට එසේ යා හැකි බවත් අනාවරණය වන ලදී. “ශ්‍රී රාවණා ලංකා පුවත්සේවය” මගින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා විසින් එම අනාවරණය කරන ලදී.

එහිදී අපගේ මාධ්‍යවේදියා ප්‍රශ්න යොමුකිරීමට පෙර, රටේ ප්‍රශ්න තවමත් විසදා තිබෙන බවක් දක්නට නැති උනත් යමක් කිරීමට උත්සාහ කරන බව පෙනී යනබවද, ප්‍රකාශ කරමින් විදේශ රැකියා යාමට බලාපොරොත්තුවන ශ්‍රමිකයන්ගේ විසා ඉල්ලීම් ප්‍රතික්ෂේප වන බවට තොරතුරු ලැබෙන බවද, සමෘද්ධි නිලධාරීන්ගේ වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා පිලිබදව මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වංචා දූෂණ සහ අක්‍රමිකතා වලට එරෙහිව රජයක් ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබදවද ප්‍රශ්න කරන ලදී.

එම ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ එසේ විසා ඉල්ලීම් ප්‍රතික්ෂේපවීම් සිදුනොවන බවත්, කොරියානු රාජ්‍යයේ රැකියාවන් සදහා හැකියාවන් ඇති අයට කොරියානු භාෂාව අවශ්‍ය නැති බවයි. ඔවුන්ගේ අවම වැටුප රුපියල් ලක්ෂ 8.5 ක් පමණ වන බවද ඒ මහතා සඳහන් කරන ලදී. එසේ භාෂාව නැතිව රැකියා සඳහා යාමට හැකි පුද්ගලයන් ලෙස වැල්ඩින්, ග්‍රයින්ඩින් සහ තීන්ත වැඩ කිරීමට හැකි අය බවද සඳහන් කරන ලදී. ඒ සදහා සහතික අවශ්‍ය නැති බවද සමීක්ෂණ මණ්ඩලයක් මගින් එය තෝරා ගන්නා බවද සදහන් කරන ලදී.  ඒ පිලිබදව දීර්ඝ පැහැදිලිකිරීමක් ඔහු විසින් කරන ලද අතර පහත විඩියෝවෙන් සම්පූර්ණ විස්තරය දැනගත හැකිය.

එසේම තව දුරටත් ඔබට විසදාගත නොහැකි ප්‍රශ්න තිබේ නම් ඒවා අපගේ විද්‍යුත් තැපෑලට යොමුකරන දන්වා සිටිමු

Exit mobile version