මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500ක රැකියා කෝටාවක් ලැබී තිබේ.
2023 වර්ෂයේ කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලංකාව වෙත අවස්ථා 6500ක් ලැබී ඇති අතර, ඉකුත් වසරේ දී ලැබී තිබුණේ 5047 රැකියා කෝටාවක් පමණි. ඒ අනුව ගිය වසරට වඩා 28.79%කින් රැකියා අවස්ථා ප්‍රමාණය වර්ධනය වී ඇති අතර මෙම වර්ෂය සඳහා ගිය වසරට සාපේක්ෂව නව රැකියා අවස්ථා 1453ක් ලැබී තිබේ. මෙය ශ්‍රී ලංකා කොරියානු රැකියා සඳහා ඉතිහාසයේ ලද වැඩි ම රැකියා අවස්ථා ප්‍රමාණය ද වෙයි.
මෙම රැකියා අවස්ථා 6500 සඳහා අයදුම්කරුවන් 14588කට පොරොත්තු ලේඛණයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී ඇති අතර, ඒ නිෂ්පාදන අංශය 12189ක්, ධීවර අංශය 2149ක් සහ ඉදිකිරීම් අංශයේ 250ක් ලෙසිනි.
පසුගිය වසරේදී 5047 ක රැකියා කෝටාවක් ලැබී තිබුණත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම් අනුව ශ්‍රමිකයින් 6639 දෙනෙක් පිටත් කර යැවීමට හැකියාව ලැබුණි. මෙම වසරේදී ලැබී තිබෙන රැකියා කෝටාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් මේ වසරේදී පිටත් කර යැවීමට හැකියාව ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.
