මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ , කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඖෂධවලට අමතරව පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.
ඔහු සඳහන් කළේ ආසාදිත වූ පුද්ගලයින් වැඩි වශයෙන් පලා වර්ග සහ පළතුරු ආහාරයට එක්කර ගතයුතු බවයි.
එසේම , කොවිඩ්-19 වෛසර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආයුර්වේද ඖෂධ මංජුසාවක් නොමිලේ ජනතාව වෙත බෙදා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබේ.
මෙම ඖෂධ මංජුසාව පවුල් ලක්ෂ 25ක් සඳහා පළමුවරට ලබා දීමට සැලසුම් කර ඇති බව ආයුර්වේද කොමසාරිස් මහාචාර්ය ධම්මික අබේවර්ධන මහතා සඳහන් කළේය.
