කොවිඩ් ආසාදිතයින්ට මෘදුකාංගයක්

සෞඛ්‍ය අමාත්‍යංශය හා කැළණිය විශ්ව විද්‍යාලය විසින් තමා කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ විට ඇතිවන මූලික ගැටලුවලට පිලිතුරු ලබාගැනීම සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දී ඇත.

එම විශ්වවිද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා පැවසුවේ රටේ පවත්නා තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ඉතා කාර්යබහුල වීම හේතුවෙන් එම මෘදුකාංගය හඳුන්වා දෙන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම මෘදුකාංගය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඇති අතර එය භාවිත කිරීම ඉතා වැදගත් වන බවයි.

Exit mobile version