කොවිඩ් තවත් වසරක් පුරාවට පැවතිය හැක

ලෝක සෞඛ්‍ය සංවිධාන අනතුරු අඟවන්නේ,මෙම කොවිඩ් වෛරස තත්ත්වය තවත් වසරක් පුරාවට ලොව පුරා පැවතිය හැකි බවටයි.

දිළිඳු රටවලට අවශ්‍යකරන කොවිඩ් මර්දන එන්නත් නොලැබීම ඊට හේතුව බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක බෲස් අයිල්වර්ඩ් මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව අප්‍රිකානු මහද්වීපයේ 5% කටත් වඩා අඩු ප්‍රතිශතයක් පමණක් එන්නත්කරණයට ලක්වී ඇති බවත් මේ හේතුවෙන් 2022 වසරේ දීද කොවිඩ් වසංගතය ව්‍යාප්තවීම තවදුරටත් සිදුවිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Exit mobile version