කොවිඩ් දත්තයන්ගේ සංශෝධනයක්.

දෛනික ආසාදිතයින් 3500 සීමාව ඉක්මවා යමින් අඛණ්ඩව දින පහක් රෝගීන් වාර්තා වී ඇත.

මේ අතර ඊයේ දිනයේදී ආසාදිතයින් 3884 දෙනෙකු වාර්තා වූ අතර එම ආසාදිතයින් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් පුද්ගලයන් ය.

වසංගත රෝග විද්‍යා අංශය විසින් පසුගිය 20 වන දින අමතර ආසාදිතයින් 4,808 දෙනෙකු දත්ත අතරට එක් කර තිබුණි. ඔවුන් පවසන්නේ මෙම 4808 දෙනා පසුගිය අගෝස්තු 16 ,17 ,18 හා 19 යන දිනවල දී ප්‍රමාද වී වාර්තා කරන ලද ආසාදිතයින් බවයි.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 385, 696 දෙනෙකු ලෙස වාර්තා වී ඇති අතර සුවය ලැබූවන් 323,390 කි.

මේ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 55,123කි.

ඊයේ (21) දිනයේ දී කොවිඩ් මරණ 198 ක් ප්‍රකාශ කිරීමත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,183ක් ලෙස සඳහන් වේ.

කොවිඩ් මර්දන එන්නත් ලෙස දැනට ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් v, ෆයිසර්ල හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ 120,449 දෙනෙකුට ලබා දී තිබේ.

මේ වන විට මෙරට තුළ එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1 කෝටි 20 ලක්ෂ 88,864ක් ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවල සඳහන් වේ.

එමෙන්ම එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පිරිස මේ වන විට ලක්ෂ 56 ඉක්මවා තිබේ.

Exit mobile version