කොවිඩ් ප්‍රතිශක්තීකරන කාඩ් එක නොගත් රත්නපුරේ වැසියන්ටයි මේ පණිවිඩය

කොවිඩ් වැළක්වීමේ බටහිර වෛද්‍ය ප්‍රතිෂක්තීකරන එන්නත් ලබා නොගත් රත්නපුර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් සිංහල වෛද්‍ය කේන්ද්‍රය මගින් පවත්වන්නට යෙදෙන සිංහල වෛද්‍ය සායනය රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරයේදී මාර්තු මස 17 දින ( පොහොය දින) පැවැත්වීමට කටයුතු යොදමින් සිටි.

එහිදී කොවිඩ් වැළැක්වීමේ බටහිර වෛද්‍ය ප්‍රතිෂක්තීකරන එන්නත් ලබා නොගත් සියලුම දෙනාට දේශීය වෛද්‍ය ග්‍රීන් කාඩ් පත් ලබා දීමද එන්නත ලබාගෙන විවිද රෝගාබද වලට ලක් වුවන් වෙනුවෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාරද ලබා දීම සිදු වේ.ඒ සදහා පහත සදහන් දිවුරුම් පෙත්සම් සාදාගෙන පැමිණෙන ලෙස සදහන් කර තිබේ.

එසේම බටහිර වෛද්‍ය ප්‍රතිෂක්තීකරන ක්‍රියාවලියට අනුගත නොවූ සහ එමගින් විවිද ලෙඩ රෝගවලට ගොදුරු වූ අපේම මිනිසුන් වෙනුවෙන් මෙම පණිවිඩය හැකි තාක් සමාජ ගත කරන ලෙසද ශ්‍රී රාවණ ලංකා මාධ්‍ය ආයතනයේ අප ඔබගෙන් ඉල්ලා සිටිමු.

කොවිඩ් වැලැක්වීම සදහා කිසිදු එන්නතක් ලබා නොගත් අය පහත දිවුරුම් ප්‍රකාශයද, එන්නත් ලබා ගැනීමෙන් පසු විවිධ රෝගාබද වලට ලක් වූ අය අනෙක් දිවුරුම් ප්‍රකාශයද සාමදාන විනිශ්චය කරුවෙකු ඉදිරියේ අත්සන් කර සහතික කර රැගෙන එන ලෙසද ඔවුන් සදහන් කර තිබේ .

කිසිදු එන්නතකක් ලබා නොගත් අය සදහා දිවුරුම් පෙත්සම

එන්නත් ලබාගෙන විවිධ රෝගාබද වලට ලක් වූ අය සදහා දිවුරුම් පත්සම

Exit mobile version