කොවිඩ් පාලනයට සෞඛ්‍ය අංශ සමග අත්වැල් බැඳගත් ත්‍රිවිධ හමුදාවටම ජනපතිගේ විශේෂ ස්තූතිය

රට තුළ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ සමග එක්වෙමින් නිරෝධායන කටයුතුවලදී සහ එන්නත්කරණ කටයුතුවලදී සිදුකරන ලද කැපකිරීමට සියලුම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ස්තූතිය පළ කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

අද (10) දිනට නියමිතව තිබූ ශ්‍රී ලංකා යුද හමුදා 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

නිදහසට කරුණු කියන්නේ නැහැ.එක නීතියක් ,එක රටක් යටතේ දූෂණයෙන් තොරව ,නිවැරදිව ඉදිරියට යාම සඳහා සහය ලබාදෙන ලෙස ද  මෙහිදී ජනාධිපතිතුමා සමස්ත රටවාසීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

අද දින පැවති මෙම සැමරුම් උළෙල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව පැවති අතර එහිදී සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත්කිරීම ද ජනපති අතින් සිදුව ඇත.

එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ බුද්ධි අංශවල මානසිකත්වය ඉහළ නංවාලමින්, රාජකාරි බලතල නිසි අයුරින් පවරමින් පසුගිය වසර දෙකක කාලය තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දි කටයුතු කළ බවත්, නැවතත් මෙරට තුළ ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ක්‍රියාවන් ඇති වීමට ඉඩ නොදෙන බවත් ,ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථාවක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version