කොවිඩ් මරණ 23ක්

ඊයේ (11) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 23ක් තහවුරු කර ඇත.

ඊයේ දිනයේ වාර්තා වී ඇති මෙම මරණ 23ත් සමග මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,377ක් ලෙස ඉහළ ගොස් ඇත.

මෙම මරණ 23න් 12 දෙනෙකු කාන්තාවන් වන  අතර සෙසු 11 දෙනා පිරිමි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

Exit mobile version