කොවිඩ් මළසිරුරක් ගම්පල රෝහලේ වතුර ටැංකියෙන් හමු වේ.

දින 56ට පමණ ඉහත දී ගම්පල රෝහලේදී අතුරුදහන් වූ කොවිඩ් වැළඳී සිටි සැරයන්වරයාගේ මළසිරුර ගම්පල රෝහලේ ජල ටැංකියක තිබියදී සොයාගෙන ඇත.

සොයාගන්නා විට දින 56ක් ගතව තිබුණ ද මළසිරුර හඳුනාගත හැකි අයුරින් ආරක්ෂාකාරී ලෙස තිබීම සැකයට කරුණක් වී තිබේ.

මෙලෙස මියගොස් තිබෙන්නේ සැරයන් වරයෙක් වන එස්.ඉලන්බෝවන් නමැති අයෙක් වන අතර ඔහු මීට පෙර තොණ්ඩමන් ඇමතිවරයාගේ ආරක්ෂකයෙක් ලෙස ද කටයුතු කළ අයෙකි.

මොහු ඇතුළු මොහුගේ පවුලේ සියලුදෙනාට කොවිඩ් වැළඳී ඇති අතර සැරයන්වරයාට කොවිඩ් ආසාදනය හේතුවෙන් බරපතල රෝග ලක්ෂණ මතුවීම නිසා රෝහල්ගත කර ඇති බව පැවසේ.

ඒ අනුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැප්තැම්බර් මස 08 වන දා සැරයන්වරයා වාට්ටුවෙන් අතුරුදන් වී ඇත.

එතැන් සිට පු\න්ඩලුඔය ,කොත්මලේ ගම්පල පොලිසිවලින් පරීක්ෂණ සිදුකළ ද ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නැත.

Exit mobile version