කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට සීග්‍ර ලෙස ව්‍යාප්ත වී යන කොවිඩ්-19 වෛරසය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (13) දින පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව විශේෂයෙන් පවත්වනු ලබන්නේ කොවිඩ් වසංගතයේ වේගවත් ව්‍යාප්තිය පිළිබඳ සාකච්ඡා කිරීමට වන අතර ජනපති කාර්ය සාධක බළකාය සමග පැවැත්වෙන මෙම සාකච්ඡාව සදහා මැති ඇමැතිවරුන් හා සෞඛ්‍ය ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

මෙතෙක් ශ්‍රී ලංකාව තුළ වැඩිම කොවිඩ් දෛනික මරණ පෙරේදා දිනයේ වාර්තා වී තිබූ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 3000 සීමාව ඉක්මවා ගියේය. මේ හේතුවෙන් රෝහල් තුළ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර මේ වන විටත් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇත. එමෙන්ම ඔක්‌සිජන් මත යැපෙන ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද සීග්‍ර ලෙස වර්ධනය වී ඇත.

Exit mobile version