කොවිඩ් 19 නවතම රෝගී තොරතුරු වාර්තා අසත්‍යයි ?. – විශ්ෂඥයන්

කොවිඩ් 19 රෝගීන්  පිලිබඳව වර්තමාන දත්ත සැපයීම අසත්‍ය බව වෛද්‍ය  විශේෂඥයන් සදහන් කරනවා. වෛද්‍ය හරිත අලුත්ගේ තම මුහුණු පොතේ සටහනක් යොදමින් “ කොවිඩ් 19 # දත්ත විජ්ජාව නැවතත්?. බස්නාහිර ෛදනික රෝගීන් 400 +. හම්බන්තොට 200+, ඒත් රටේම 600 අඩුයි” කියා තිබේ. ඊයේ (05) වැනි දා ඒ මහතා එම සටහන යොදා තිබේ.

වර්තමාන කොවිඩ් අසාධිතයන්ගේ  වැඩිවීම පිලිබඳව ආචාර්ය සන්ජේ  පෙරේරා මහතා සදහන් කලේ, ප්‍රධාන හේතු තුනක් නිසා ශ්‍රී ලංකාවේ තවත්  කොවිඩ්  අර්බුදයක් ඇති විය හැකි බවයි. ඒ මහතාට අනුව,

ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ, “අප බලධාරීන් තවමත් අති ගරු ජනාධිපතිතුමාට සහ අගමැතිතුමා වෙනුවෙන් කොවිඩ් පිලිබඳව රෝස මල් පින්තූරයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්නේ මන්දැයි නොතේරෙන බවයි”. තව දුරටත් තම අදහස් දක්වමින් , රෝගීන් පිලිබදව තිබෙන සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට ලැජ්ජා නොවිය යුතු බවද,    2022 අවසානය දක්වා මෙය සිදු වනු ඇති බවද , එන්නත් පිලිබඳව ලබා දී ඇති අධික විශ්වාසය විරෝධතා කරුවන්ට ලබා දී ඇති පතරොමක් බවද ප්‍රකාශ කරන ලදී.

සංස්කාරක සටහන.

ආචාර්ය සංජයට පමණක් නොව අපටද ඇති ගැටලුව වන්නේ සත්‍ය තොරතුරු ලබා නොදීමයි. සත්‍ය තොරතුරු ඉදිරිපත් නොකිරීමෙන් සිදු වන හානියට වග කිව යුත්තෙක්ද නැත. සියලු බිද වැටීම් වලට හේතුව අවංකභාවයෙන් තොරව වැඩ කිරීම වන අතර සත්‍ය තොරතුරු නොලැබීමෙන් ජනතාව භීතියට පත් වීමක් සිදු නොවේ. ජනතා හැසිරීම් අප හදුනාගත යුතුව තිබේ. භීතියට පත් කිරීම නොව , සත්‍ය තොරතුරු ජනගත වීම තුලින් ජනතාව පරිස්සම් වීමට වගබලා ගනී. තොරතුරු සඟවා කටයුතු කිරීමෙන් ජනතාව පරිස්සම් වීම  පසෙක දමා සාමාන්‍ය ලෙස කටයුතු කරති. පසු ගිය දා ඇඹිලිපිටිය  චන්ද්‍රිකා වැවේ පිටවාන තුළ දිය නෑමට දහස් ගනණක්  ජනතාව පැමිණියේද මෙම භීතිය ඉවත් වූ නිසාය. කෙසේ වුවද , භීතියක් නොමැතිව , භීතියක් ඇති කිරීමද නුසුදුසු බව අප අවධාරණය කර ගත යුතුය. ලක්ෂ 20 කට ආසන්න පිරිසකට ස්ථීර වැටුප් ලැබුනද, අනෙක් පුරවැසින් එදිනෙදා වැඩ කිරීමෙන් තම ආදායම සොයාගන්නා බව බලධාරීන් දැන ගත යුතු අතර බලධාරීන්ද වැටුප් ලබන්නේ මහජනතාව පරිභෝජනයට ගන්නා ද්‍රව්‍ය වලින් ගෙවන බදු මුදලින් බව නිසි බලධාරීන් නොදැන සිටීම පිලිබදව අපටද ඇත්තේ කනගාටුවකි.

Exit mobile version