කොස්තාපල්ට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට .

පොලිස් කොස්තාපල් වරයාට පහරදුන් බීමත් රියැදුරකු කහටගස් දිගිලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි මහපොතාන, ඊතල වැටුණුවැව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ජංගම රාජකාරියේ යෙදී සිටියදී බීමත්ව ත්‍රීරෝද රථයක් ධාවනය කළ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙලෙස පහර දී ඇති බව පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකථනයටද හානි සිදු වී තිබෙන බව පොලිසිය අනාවරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද(10) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version