කොහු කර්මාන්තශාලාවක් ගිනිබත් වෙයි.

ඊයේ (02) රාත්‍රියේ මාදම්පේ , සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කොහු කර්මාන්තශාලාවක ගින්නක් ඇති වී එහි තිබූ යන්ත්‍ර සූත්‍ර සහ අපනයනය සදහා අසුරා තිබූ කොහු විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම ගින්න පාලනය කිරීම සදහා ප්‍රදේශවාසීන් , පොලීසිය සහ හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය එකතු වී ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ දරා ඇති බව කියයි.

ගින්න හට ගත්තේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සිදු වූ අලාභ හානිය ද මෙතෙක් තක්සේරු කර නොමැති බව සදහන් කරයි.

Exit mobile version