කොළඹ අවන්හලක් ගිනි ගනියි

කොළඹ ක්‍රීඩා අමාත්‍යංශය අසළ පිහිටි පෞද්ගලික අවන්හලක ගින්නනක් හටගෙන ඇති බවට වාර්තා වේ.

අද (20)අලුයම 05.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් අදාළ ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇත.

මෙම ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බව වාර්තා වී ඇති අතර කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ 06ක් යොදාගනිමින් මේ වන විට ගින්න මැඩ පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත.

එමෙන්ම මෙමගින් කිසිදු පුද්ගල හානියක් සිදුව නොමැති අතර පිපිරීම සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කුරුඳුවත්ත පොලිසිය විසින් සිදු කරයි.

Exit mobile version