කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය අගෝස්තු මස සිට සැප්තැම්බර් මාසය වන විට තවදුරටත් ඉහළ ගොස් ඇත.
ජනලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එය අගෝස්තු මාසයේ 64.3% සිට සැප්තැම්බර් මාසය වන විට 69.8%ක් දක්වා ඉහළගොස් ඇති බවයි.
අගෝස්තු මාසයේ 93.7% ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී 94.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දක්වා ඇත.
එමෙන්ම ජනලේඛන හා සංඛ්‍යාලෛ්ඛන දෛපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පසුගිය මාසයේ 50.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද මෙම මාසයේ 57.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අගෝස්තු මාසයේ උද්ධමනය දැක්වුණේ 70.2% ක් ලෙසය.
