කොළඹ කොටස් වෙළඳපොළ තාවකාලිකව වැසේ

අද (21) පස්වරු 1.44ට කොළඹ කොටස් වෙළඳපොළ දෛනික ගනුදෙනු මිනිත්තු 30ක කාලයකට අත්හිටුවනු ලැබූ බව වාර්තා වේ.

මීට හේතු වී ඇත්තේ  S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාමයි.

ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 540.43 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 207ග60 කින් පහළ ගොස් තිබිණ.

යළි පස්වරු 2.14ට ගනුදෙනු ආරම්භ කෙරිණ.

Exit mobile version