අද (04) රාත්‍රී 9 සිට හෙට (05) පෙරවරු හය දක්වා පැය 9 ක කාලයක් කොළඹ සහ කඩුවෙල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරන පරිදි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10 සහ කඩුවෙලට මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ.
එසේම, අද රාත්‍රි 10 සිට හෙට අලුයම 5 දක්වා පැය 7 ක කාලයක් ඇතුළු කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ සහ විජේරාම සහ නුගේගොඩ මංසන්ධියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා දිවෙන මාර්ගවල ජල සැපයුම විසන්ධි කෙරෙන බවද සදහන් කරයි.
