කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකකවල අභ්‍යන්තරය පිරිසිදු කිරීම සඳහා පිටස්තර සුළු සේවකයන් යොදාගැනීමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ශල්‍යකර්මවලින් පසු සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබීමෙන් පසුව රෝගීන් විවිධ අසාධ්‍ය තත්ත්වයන්ට පත්වීම ඉහළ ගොස් ඇති වාතාවරණයක් තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් නිලධාරියෙක්ගේ අනුදැනුම යටතේ එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවත් , ශූද්‍ර ජීවි අංශයේ සහ ආසාධන පාලන ඒකකයේ වාර්තාවලින් එම තත්ත්වය තහවුරු වී ඇති බව සදහන්.
එමෙන්ම මෙම තත්ත්වය ළමා රෝහලේ හෝ වෙනත් ප්‍රධාන රෝහල්වල දකින්නට නොලැබුණත්, මෙරට ප්‍රධාන රෝහල් වන ජාතික රෝහලේ තත්ත්වය පිළිබඳව විශ්මයට පත්වන බව කියන විශේෂඥ වෛද්‍යවරු වැසිකිලි, කාණු, වැසිකිලි වළවල් ඇතුළු අපවිත්‍ර ස්ථානවල ගැවසෙන සේවකයන් ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක පිරිසිදු කිරීමට යෙදවීම හොඳ තත්ත්වයක් නොවන බව ද ප්‍රකාශ කර තිබේ .
මෙම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
