අද (14) දහවල් මෙම අත් බෝම්බය සොයාගෙන ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක තිබී ය.
එම රෝහලේ පළමු මහලේ වැසිකිළියක තිබී මෙම අත්බෝම්බය සොයාගත් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.
එය පසුව විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පොලිසියට භාරදී ඇත.
