කොළඹ යාපනය බසයට ප්‍රහාරයක්.

ඊයේ (12) දින රාත්‍රී 11.30 ට පමණ කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබු ලංගම බස්රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ යාපනය ඩිපෝවට අයත් ලංගම බසයකට  මාරවිල- හොරගොල්ල  ප්‍රදේශයේ දීය.

ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර බස්රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදුව ඇති බව සදහන්වේ.

මාරවිල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version