කොළඹ වරාය නගරය ජනතාවගෙන් පිරී යයි

කොළඹ වරාය නගරය නැරඹීමට පසුගිය දින 08 තුළ දී පුද්ගලයින් 89,540 දෙනෙක් පැමිණ ඇති බව වාර්තා වේ.

කොළඹ වරාය නගරයේ මැරීනා කලාපය පසුගිය ජනවාරි මස 09 වනදා විවෘත කෙරුණු අතර ඊට පසුදින සිට එය ජනතාවට විවෘත විය.

ඒ අනුව එතැන් සිට සෑම දිනකම පෙ.ව.09.00 සිට ප.ව.06.00 දක්වා කාලය තුළ දී කොළඹ වාරාය නගරයේ මැරීනා කලාපයට ඇතුළු වී එම පරිශ්‍රයේ සංචාරය කිරීමට ජනතාවට අවස්ථාව ලැබුණි.

ගෙවී ගිය දීර්ඝ සති අන්තය තුළ දී විශාල පිරිසක් මැරීනා කලාපයට පැමිණ සිටි අයුරු දකින්නට ලැබුණි.

Exit mobile version