පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කෝටි 5 ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු ‘ඩුබායි ජූඩ්’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.
ඊයේ කදාන ප්‍රදේශයේදී ගෝනහේන STF කදවුරේ නිලධාරීන් විසින් සිදුකල වැටලීමකදී සැකකරු සමග හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් අත්අඩංගුවට ගත් බවයි සදහන්ව ඇත්තේ.
සැකකරු කොටහේන පදිංචි 31 හැවිරිදි පුද්ගලයකු වන අතර වැඩි දුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇතිබව වාර්තාවේ.
