කෝටි 10 ක රත්තරන් මුහුදෙන් යයි-තමිල්නාන්දුවෙන් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ශ්‍රි ලංකාවේ සිට ගෙන ගිය ඉන්දීය රුපියල් කෝටි දහයක් පමණ වටිනාකමකින් යුත් රත්තරං තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

තමිල්නාඩුවේ  මණ්ඩපම් මුහුදු ප්‍රදේශයේදී මුහුදේ සැකකටයුතු යාත්‍රාවක්  යාත්‍රා කරමින් තිබ්යදී වෙරළාරක්ෂක නිලධාරීන් විසින් එම යාත්‍රාව පරික්ෂා කොට  යාත්‍රාවේ තිබු රත්තරං කිලෝ 17ක් පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් වැටලීම සිදු කරන අවස්ථාවේ එවැනිම ප්‍රමාණයක් මුහුදේ ගිල්වන්නට ඇති බවත් විමර්ශන නිලධාරීන් සැක පල කරන බවද සදහන් වේ.

වැටලීමේදී සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබේ.

Exit mobile version