කෝප් කමිටුවේ සභාපති තනතුරෙන් ඉවතට .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉවත් කර තිබෙන බව වාර්තා වේ .

ඊට සියලු පක්ෂ නායකයින් එකඟතාව පළකර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරන ලදී .

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයෙකුගේ මුලිකත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙන අතර පසුගියදා පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර තිබේ .

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මීට පෙර පැවති කෝප් කමිටු සභාවාරයකදී සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ .

සභාපතිවරයා හස්ථ සංඥා මගින් ඇතැම් කරුණු ප්‍රකාශ කිරීම නතර කිරීම බොහෝ පිරිසකගේ විවේචනයට ලක් වූ අතර කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කිරීමට සුදනම්ව තිබු විශ්වාසභංග යෝජනාව ද කල්යනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ .

Exit mobile version