ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවගේ පැත්තෙන් සිතා මීට දින කිහිපයකට පෙර දෛයිනික ඉන්ධන බෙදා හැරීමේ ලැයිස්තුව පෙර දින ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙන අතර විද්‍යුත් ඇප් එකක් මගින්ද අදාල ඉන්ධන බෙදා හැරීමේ පිරවුම් හල් හදුනාගත හැකිව තිබේ.
එම ක්‍රමය මගින් ජනතාවට පහසුවක් වුවත් එයින් ජනතාව පීඩාවට පත්ව තිබේ. එයට හේතුව නම් පිටස්තර පුද්ගලයන්ද විශාල වශයෙන් පැමිණ ඉන්ධන ලබා ගැනීමයි. උදාහරණයක් ලෙස අවිස්සාවේල්ලට ඉන්ධන පැමිණෙන්නේ නම් කුරුවිට ජනතාවද ඒ වෙත් ලගා වේ. එවිට අවිස්සාවේල්ලේ ජනතාවට ඉන්ධන ලබාගැනීමට නොහැකිව තිබේ.
කෙසේ වුවත් එම ක්‍රමය ජනතාවට සහනයක් සේ පෙනුනත් එයින් තව දුරටත් ජනතාව පීඩාවට පත්ව තිබෙන්නේ එසේ අවට සියලුම ප්‍රදේශවල පුද්ගලයන් පැමිණ ඉන්ධන ලබා ගැනීම නිසාය. ඔවුන් අතර ඉන්ධන විකිණීමේ ජාවාරම්ද ක්‍රියාත්මක වේ. ඒවා සියල්ලම සෙවීමට පොලිසියට දිවස් නැත.
එසේම 1970 දක්වා රට ගෙන යාමට සැරසෙන කාන්චන විජේසේකර අමාත්‍යවරයා තවමත් රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට අපොහොසත්ව තිබේ. ඔහු මුල සිටම රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට උනන්දුවක් තිබුනේ නැත. ඔහු රුසියාව සමග කටයුතු කලේ නම් මේ වන විට ලංකාවට ඉන්ධන ගැටලුව විසදිය හැකිව තිබුණි. එහෙත් කාන්චන විජේසේකර මහතා රුසියාව සමග තරහක් තිබේද යන්න හෝ පුද්ගලික ආයතන හරහා ලබා ගන්නා ඉන්ධන වලින් යම් කොමිස් මුදලක් ඔහුට ලැබෙන්නේද යන්නද පැහැදිලි නැත.
කෙසේ වෙතත් මේ වන විට අදාළ ඇප් එක Underconstrution තත්වයේ පවතී. එය එසේම පැවතීම වඩාත්ම යහපත් වන අතර එය සක්‍රීය කිරීම ජනතාවට මෙන්ම අපටද යහපතක් සේ පෙනුනද බහුතර ජනතාවගේ හැසිරීම ආත්මාර්ථකාමී නිසා මෙම ඇප් එකෙන් බහුතර ජනතාවගේ බලාපොරොත්තු සුන් වේ. එවිට ඒවා ගැටුම් දක්වා දුරදිග යයි.
