ගංඟා අසබඩ ජනතාවට අනතුරු ඇඟවීම්.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (30) රාත්‍රියේ සිට ඉදිරි දින දෙක තුළට අදාළ වන පරිදි පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ අත්තනගලු, කළු, කැලණි, ගිං, නිල්වලා සහ මහවැලි ද්‍රෝණිවලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතින බවයි.

මේ අනුව එම ද්‍රෝනිවල පදිංචිව සිටින ජනතාව ගංවතුර තත්ත්වයන් පිළිබඳව අද රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපයේ දී අවධානයෙන් සිටින ලෙස එම නිවේදනය තුළින් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිට ඇත.

එමෙන්ම ජනතාව ගංඟා ද්‍රෝණි ඉහළ ප්‍රදේශවලදී ගංඟා සහ අතු ගංඟා භාවිතයේ දී සැලකිළිමත් වන ලෙස ද මහජනතාවට දැනුම් දී ඇත.

Exit mobile version