ගංජා ව්‍යාපාරික SSP ගේ වැඩ තහනම්.

පසුගියදා  තම නිළ නිවසේ ගංජා තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන සිටි මොණරාගල කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අදිකාරීවරයාගේ වැඩ තහනම් කළ බව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කරයි.

පොලිස් අදිකාරීවරයා,ඔහුගේ රියදුරු (පොලිස් කොස්තාපල්වරයෙක්), පොලිස් සැරයන් වරයෙක්,සිවිල් වැසියන් තිදෙනකු මේ සම්බන්ධයෙන් පසු ගියදා අත්අඩංගුවට ගත් අතර ඔහුන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරීමන් අනතුරුව රදවාගෙන විමර්ශන කිරීමට අවසර ලාබාදෙනලදී.

එම ව්මර්ශණ වලට අනුව ඊයේ (12) දින මෙම සිදුවීම සම්බන්ධයෙන්  ඇතිමලේ පොලිසියේ පොලිස් ස්ථානාදිපති වරයාද අත්අඩංගුවට ගෙන තෙබෙනවා.

පොලිස් අදිකාරීවරයගේ උපදෙස්  අනුව අත්අඩංගුවට ගන්නා ලද ගංජා ඇතිමලේ පොලිසියේ පොලිස් ස්ථානාදිපති වරයා විසින් සපයා දී ඇති බවට විමර්ශණ වලදී තහවුරු කර ඇති බව පැවසේ

Exit mobile version