ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් යාල රක්ෂිතයේදී මහා පරිමාන ලෙස ගංජා ජාවාරමේ නිරත සැකකරුවන් 5 දෙනකු හා ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
පොලිස් නිලධාරීන් මෙම මෙහෙයුම සදහා රක්ෂිතය තුල කිලෝමීටර් 30 ක් පමණ දුරින් පිහිටි තම්මිටආර ප්‍රදේශය වෙත ගොස් මොහුන් අත්අඩංගුවට ගැනීමට මහත් වෙහෙසක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුන් සන්තකයේ තිබී ගංජා කිලෝ 122 ක් හා ලංකාවේ නිෂ්පාදිත පතරොම් අවියක් පොලිස් භාරයට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
වාර්තාවන ආකාරයට තවත් ගංජා කිලෝ 350 ක් පමණ විනාශ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන පළමුවනදා තෙක් රක්ෂිත බන්දනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
