ඊයේ (30) දින දහවල් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකා කහවත්ත කදවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඇහැලියගොඩ පොලිස් වසමේ වියලගොඩ ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර ගංජා වගාවක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු වැඩිදුර විමර්ශණ සදහා ඇහැලියගොඩ පොලිස් ස්ථානයට භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 29ක් වන ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ ඇහැලියගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබයි.














































