ගංවතුර අනතුරු ඇගවීම් තව දුරටත්.

කළු ගගෙහි කුඩා උප ද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීම් ඉදිරි පැය 24 ක කාලය තුළ තව දුරටත් දීර්ඝ කළ බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි පැය 24 ක කාලය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගග පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වය ඉදිරියටත් පැවතිය හැකි නිසා කුඩා ගග අවට පහත්බිම් හරහා ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

එමෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් සහ එම ප්‍රදේශයේ රිය ධාවනයේ යෙදෙන රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව සදහන්.

Exit mobile version