ගජමුතු ජාවාරමක් නීතියේ රැහැනට

ඊයේ (28) කරදියනාරු පොලිස් වසමේ මුණවර, පෙරියපිල්ලුමලේ ප්‍ර‌දේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් වැටලීමක් සිදුකර ඇත.

අදාළ වැටලීමෙන් මිල කළ නොහැකි ගජමුතු සොයාගෙන ඇති බව නිලධාරීන් ප්‍රකාශ කරයි.

එම ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් ද එහි දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ආළ වැටලීම නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වව්නතිව් කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකර ඇත.

එහි දී අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් මහඔය, සමගිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 -52 අතර පුද්ගලයින් වේ.

සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමක දී අනාවරණය වී ඇත්තේ මෙම ගජමුතු රක්ෂිතය තුළ සිටින ඇතුන් ඝාතනය කර ලබාගන්නා බවයි.

ඒ අනුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් මඩකලපුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

Exit mobile version