ඉතා දුර්ලභ ගණයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු 06ක් විදේශිකයෙකුට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට සැකකරු විසින් මෙම ගජමුතු 06 රුපියල් කෝටි 60කට විකිණීමට සූදානමින් සිට තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
ඉන්දියාවේ ඉංජිනේරුවෙකු ලෙස උපාය දූතයෙකු යොදා මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ මෙම ගජමුතු අනුරාධපුර නොච්ච්යාගම ප්‍රදේශයෙන් රැගෙන ආ බවයි.
