කිලිනොච්චිය මරදන්කේනි පොලිසිය විසින් අත් අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ කාන්තා දේශපාලන අංශයේ නායිකාව හා අනෙක් දේශපාලන ක්‍රියාධරයා ද කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත ඊයේ (07) නිදහස් කළ බව වාර්තා වේ.
මන්ත්‍රීවරයා සමග මොවුන් දෙදෙනා ද කිලිනොච්චියේ තාලෙයිඅඩි විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ දී පොලිස් නිලධාරීන් සමග ගැටුමට මැදිහත් වී ඇති අතර මන්ත්‍රීවරයා විසින් පොලිස් නිලධාරීන් හට බැන වදින අවස්ථාවේ දී පොලොස් නිලධාරීන් පසුපස එළවා ඇත්තේ මොවුන් දෙදෙනා බව සදහන්.














































