ගණිකා නිවාසයක් වටලයි.

ඊයේ (03) පස්වරුවේ රත්මලාන ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ගල්කිස්ස පොලීසිය විසින් වටලා එහි සිටි සැකකාරියන් 06 දෙනෙකු සහ ගණිකා වාසයේ කළමණාකාරවරිය අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම කාන්තාවන් දොරහේන , දිගන , පානදුර , නුගේගොඩ , කැකිරාව , වාද්දූව යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් වන අතර අවුරුදු 23 ත් 39 ත් අතර පසුවන කාන්තාවන් බව කියයි.

සැකකාරිනියන් අද (04) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත සදහන් කරයි.

Exit mobile version