ගල්කිස්ස විජේසිරිවර්ධන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (12) ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් වටලා ඇති බව වාර්තා වේ.
ගල්කිස්ස පොලිසියට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කොට ඇති අතර වැටලීමේදී එහි සිටි කාන්තාවන් 7ක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් වයස අවුරුදු 21ත් 44ත් අතර පසු වන අතර අර්යුවේද සම්භාහන ආයතනයක් පවත්වා ගෙන යන මුවාවෙන් ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලසිය සදහන් කලේ.
අත්අඩංගුවට ගත් සැකකාරිනියන් රුවන්වැල්ල, තබුත්තේගම, පානදුර, වාද්දුව, නුවරඑළිය, රත්නපුර හා බුත්තල ප්‍රදේශ වල පදිංචි කාරියන් වන අතර අද (13)ඔහුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වාර්තා කර තිබේ.
