ගම්පහ පදික වේදිකාවෙන් හමු වූ කිරිකැටියා

යාචක යුවලකට බිහිවූ මෙම කිරිකැටියා රෝහලෙන් පැමිණ ඇත්තේ ගම්පහ පදික වේදිකාවටය.

ඒ ඔවුන්ට ඉන්න හිටින්න තැනැක් නොමැතිව අසරණ වී සිටින නිසාවෙනි.කිරිකැටියාගේ මවට වයස අවුරුදු 48ක් වන අතර පියාට අවුරුදු 57ක් වෙයි.

පදික වේදිකාවේ වෙහෙසකර දිවියක් ගත කරන මෙම කිරිකැටියා ඇතුලු දෙමාපියන් පත්ව ඇති ඉරණම ගම්පහ නගර සභාවේ සේවක පිරිසකගේ ඇහැ ගැටෙන්නේ ඊයේ (24) දිනයේ දීය.

නගර සභාවේ පිරිස හාමත් වී සිටින යාචකයින්ට කෑම ලබා දෙමින්.නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් කන්න කෑම වේලක් නැතිව කුසගින්නේ සිටින යාචකයන්ගේ කුස පිරවීමේ අරමුණින් මෙම වැඩසටහන ඔවුන් ආරම්භ කර ඇත.

ඒ අතර තුරදී ඔවුන්ගේ ඇස ගැටෙන මෙම දර්ශනය ඔවුන්ව මහත් සේ සංවේදී කර ඇති අතර ඔවුන් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව සොයා බලා ඒ මෙහොතේම සියල්ල සංවිධානය කර එම කිරිකැටියා වෙනුවෙන් බොහෝ දේ සූදානම් කර ඇත.

කොට්ට,ෂීට්,ඇඳන් ඇඳුම් ආදි දරුවාට අවශ්‍ය සියල්ල මෙන් ම මවට අවශ්‍ය ඇඳුම් පැලඳුම් පවා සියල්ල සම්පාදනය කර එම පුංචි පවුල නගර සභාවේ නිවසක තාවකාලිකව නවතා ඇත.

මෙම සිද්ධියෙන් අප අතර තවමත් දේවත්වයෙන් සැලකිය යුතු මනුෂ්‍යත්වය සහිත මිනිසුන් සිටින බව පැහැදිලි කරයි.

ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා ඇතුළු ඔහු වටා ඉන්න නගර සභා සේවක පිරිස ඇතුළු මෙයට සහය දුන් මනුසත් භාවය නිසි හඳුනන සියලුදෙනාට රාවණා මාධ්‍ය ජාලය අපේ උත්තමාචාරය පුද කරමි.  

Exit mobile version